ශම්සිගේ කඩුලු 4 දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි

Date:

අයර්ලන්තය සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 33ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 165ක් රැස් කළ නමුත්, අයර්ලන්තයට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඒඩ්න් මාක්‍රම් ලකුණු 39ක් රැස් කළ අතර, ඩේවිඩ් මිලර් ලකුණු 28යි.

පන්දු යැවීමේ දී Mark Adair කඩුලු 3ක් ද, Simi Singh හා Josh Little කඩුලු 2 බැගින් ද බිද හෙලුවා.

අයර්ලන්තය ඉනිම වෙනුවෙන් Harry Tector ලකුණු 36ක් ලබා ගත් අතර, Barry McCarthy නොදැවී ලකුණු 30යි.

පන්දු යැවීමේ දී ටැබ්රයිස් ශම්සි ලකුණු 27කට කඩුලු 4ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...