තරගාවලි පරාජයන් ගැළවෙන්න ශ්‍රී ලංකාව තරග බිමට; කණ්ඩායම් දෙකෙන්ම එක් වෙනස්කමක්?

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් තරග කරනු ඇති බව වාර්තා වනවා.

තරගය අගහරුවාදා (20) පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7ක පරාජයක් ලැබීම හේතුවෙන් තරගාවලිය පරාජය නොවී සිටීමටනම් ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීම අනිවාර්යය වනවා.

පිතිකරණයේ දී මැදපෙල පිතිකරුවන් වැඩි නිලකුණු පන්දු සංඛ්‍යාවක් ලබා දීම නිරතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සිදු වන බරපතල වරදක් බැවින් එය සකස් කර ගැනීම දෙවැනි තරගය ජය ගැනීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇති.

එමෙන්ම පන්දු රැකීම සම්බන්ධයෙන් ද යළි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිතා බැලීමට සිදුව ඇත්තේ පළමු තරගයේ දී පන්දු රකින්නන් දුර්වල පන්දු රැකීමක් ප්‍රදර්ශනය කළ බැවින්.

දෙවැනි තරගය සදහා බොහෝ විට ඉසුරු උදානට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔහු පළමු තරගයේ දී සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන්.

ඒ අනුව නව පන්දුවෙන් පළමු පන්දුවාර කිහිපයේ දී වැඩි ප්‍රයෝජනයක් ගත හැකි වෙනත් වේග පන්දු යවන්නකෙු කණ්ඩායමට කැදවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

බොහෝ විට ළහිරු කුමාර හෝ කසුන් රාජිත කණ්ඩායමට කැදවීමේ වැඩි සම්භාවිතාවක් පවතින අතර, තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ද ඉසුරු උදානගේ ස්ථානය වෙනුවෙන් ආදේශ කළ හැකි ක්‍රීඩකයෙකු බව සදහන් කළ යුතුයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිදු වෙනස්කමක් දෙවැනි තරගය සදහා සිදු නොවනු ඇති.

ඉන්දීය කණ්ඩායමේ ද එක් වෙනස්කමක් මෙම තරගය සදහා සිදු විය හැකි බව සදහන්.

ඒ අනුව බුවනේෂ්වර් කුමාර් වෙනුවට නව්දීප් සයිනි කණ්ඩායමට කැදවීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...