ලිවින්ග්ස්ටන්ගේ දැවැන්ත හයේ පහරට නොදෙවැනි තිසරගේ මීටර් 123 හයේ පහර

Date:

එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ(18) පැවැති දෙවන විස්සයි විස්ස තරගය අතරතුර එංගලන්ත පිතිකරු ලියම් ලිවින්ග්ස්ටන් එල්ල කළ දැවැන්ත හයේ පහර පිළිබද මේ වන විටත් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රාවුෆ් යොමු කළ එංගලන්ත ඉනිමේ 16 වන පන්දුවාරයේ පළමු පන්දුවටයි ඔහු එම හයේ පහර එල්ල කළේ.

තරගය පැවති ලීඩ්ස්හි Headingley ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකාගාර ද පසුකර යමින් ක්‍රීඩාංගනයෙන් ඉවතට විසිවුණු පන්දුව මීටර් 121.96 ක දුරක් ගුවනේ ගමන් කළ බවයි වාර්තා වුණේ.

ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම දුරකට එල්ල වූ හයේ පහරවල් අතරට ලිවින්ග්ස්ටන් එල්ල කළ මෙම පහරත් ඇතුළත් වුණා.

එම දැවැන්ත හයේ පහරත් සමග 2010 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස තරගයක් අතරතුර ස්ටීවන් ස්මිත් විසින් යොමු කළ පන්දුවකට තිසර පෙරේරා එල්ල කළ දැවැන්ත හයේ පහර බොහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ මතකයට නැගෙන්නට ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 5ක් අවශ්‍යව තිබූ මොහොතක තමයි තිසර එම දැවැන්ත හයේ පහර වාර්තා කළේ.

එහි දුර දැක්වුණේ මීටර් 123 ක් ලෙසයි.

ශ්‍රී ලංකා පිතිකරුවෙකු ක්‍රිකට් පිටියේ එල්ල කළ දැවැන්තම හයේ පහරක් ලෙස ද මෙය සැලකෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...