තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා නැහැ

Date:

තවත් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට එංගලන්තය බලා පිටත්ව යාමට අවසර හිමිව තිබෙනවා.

ඒ, ඔවුන්ගේ ශරීර තුළ කොරෝනා වෛරසය නොමැති බවට දෙවැනි වරටත් තහවුරු වීමත් සමගයි.

ඒ අනුව හෙයිදර් අලී, කෂිෆ් භට්ටි සහ ඉම්රාන් ඛාන් යන ක්‍රීඩකයින් හෙට(8) එංගලන්තය බලා යාමට නියමිත බව සදහන්.

ඔවුන් තිදෙනාටම මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වීම හේතුවෙනුයි නියමිත දිනයේ දී එංගලන්තය බලා පිටත්ව යාමට නොහැකි වූයේ.

මේ වන විට අවස්ථා දෙකකදී ක්‍රීඩකයින් 26 දෙනෙකු එංගලන්ත තරග සංචාරය සදහා එරටට පැමිණ තිබෙනවා.

මේ අතර , දෙරට ආරම්භ වීමට නියමිත ටෙස්ට් සහ 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන පාකිස්තාන ක්‍රීඩකයින් එංගලන්තයට පැමිණ දින 9කට පසුව ඊයේ දිනයේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 5 වනදා මැන්චෙස්ටර් හී දී ආරම්භ වනු ඇති.

අනතුරුව දෙරට අතර තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අගෝස්තු 28, 30 සහ සැප්තැම්බර් පළමු වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...