ටේලර්ගේ මතභේදාත්මක දැවී යාම මැද බංග්ලාදේශය තරගාවලිය දිනයි

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ම ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර හරාරේහි පැවැති දෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශය කඩුලු 3ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළා.

Wessley Madhevere ලකුණු 56ක් රැස් කළ අතර, නායක බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 46ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස හිට් විකට් දැවී යාමකට ගොදුරු වුණා.

ටේලර් විසින් පහර එල්ල කිරීමෙන් සැලකිය යුතු වේලාවකට පසුවයි ඔහුගේ පිත්ත කඩුල්ලේ ගැටීම සිදු වුණේ.

ඒ අනුව ක්‍රිකට් නීති ප්‍රකාරව එය සැබවින්ම දැවී යාමක් ලෙස සැලකිය නොහැකි බවටයි බොහෝ ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

ඒ, ඔහුගේ පිත්ත කඩුල්ලේ වදින අවස්ථා වන විට බ්‍රෙන්ඩන් ටේලර් සිය පහර සම්පූර්ණ කර අවසන් කර තිබූ බැවින්.

එම අවස්ථාවේ දී පිටියේ විනිසුරුවන් විසින් එය තෙවන විනිසුරුට යොමු කළ අතර, තෙවන විනිසුරු විසින් පිතිකරු දැවී ගිය අයෙකු ලෙස නම් කරනු ලැබුවා.

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 4ක් හා ශකිබ් අල් හසාන් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ඉනිම නිමා වීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 96ක් ලබා ගනිමින් බංග්ලාදේශය ජයග්‍රහනය කරා රැගෙන ගියා. මහ්මුදුල්ලාහ් ලකුණු 26යි.

පන්දු යැවීමේ දී Luke Jongwe කඩුලු 2ක් බිද හෙලුවා.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් ද ජය වාර්තා කළේ බංග්ලාදේශ කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...