ශකිබ් ඉතිහාසගත වෙද්දී බංග්ලාදේශයට ලකුණු 155ක ජයක්

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 155ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ, ලිටොන් දාස් වාර්තා කළ ශතකයෙන් හා ශකිබ් අල් හසාන් දවා ගත් කඩුලු 5න් සවිමත් වෙමින්.

හරාරේහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 276ක් රැස් කළා.

ලිටොන් දාස් ලකුණු 102ක් රැස් කළ අතර, අෆිෆ් හුසේන් ලකුණු 45ක් ලබා ගත්තා. මහ්මුදුල්ලාහ් ලකුණු 33යි.

පන්දු යැවීමේ දී Luke Jongwe කඩුලු 3ක් දවා ගත් අතර, Richard Ngarava හා Blessing Muzarabani අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 28.5ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

Regis Chakabva ලකුණු 54ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් ලකුණු 30කට කඩුලු 5ක් දවා ගත්තා.

ලකුණු 24ක් ලබා සිටි බ්‍රෙන්ඩන් ටේලර්ගේ කඩුල්ල ද ඔහු විසින් දවා ගත් අතර, එම කඩුල්ලත් සමගින් ඔහු ඉතිහාසගත වුණේ බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙසයි.

මේ වන විට ශකිබ් ඉනිම 210කදී දවා ගෙන ඇති එක්දින කඩුලු ගණන 274ක්.

මීට පෙර මෂ්රෆී මොටාසා ඉනිම 218කදී කඩුලු 269ක් දවා ගනිමින් බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වී තිබුණා.

ටෙස්ට් (කඩුලු 210) හා 20යි 20 (කඩුලු 92) ජාත්‍යන්තර තරගවල ද බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගෙන ඇත්තේ ශකිබ් අල් හසාන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...