ලිවින්ග්ස්ටෝන්ගේ වේගවත් ශතකය අපතේ යවමින් පාකිස්තානයට ජය

Date:

ලියම් ලිවින්ග්ස්ටෝන්ගේ වේගවත් ශතකය අපතේ යවමින් එංගලන්ත කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම මෙරට වේලාවෙන් අද(17) අලුයම සමත් වුණා.

නොටින්හැම්හි Trent Bridge ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කළ අතර, ඒ අනුව පාකිස්තානය නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 232ක් රැස් කරමින්.

නායක බබාර් අසාම් ලකුණු 85ක් හා මොහොමඩ් රිස්වාන් ලකුණු 63ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 150ක්.

සොහයිබ් මක්සූද් ලකුණු 19(7)ක්, ෆකාර් සමාන් ලකුණු 26(8)ක් හා මොහොමඩ් හෆීස් ලකුණු 24(10) ක් ලබා ගනිමින් ඉනිමට සාර්ථක අවසානයක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී ටොම් කරන් කඩුලු 2ක් දවා ගත් අතර, ඩේවිඩ් විලී, සකිබ් මහ්මූද් හා ලුවිස් ග්‍රෙගරි එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 19.2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 201ක් පමණයි.

එංගලන්ත ඉනිම ශක්තිමත් කළ ලියම් ලිවින්ග්ස්ටෝන් පන්දු 43කින් වේගවත් ලකුණු 103ක් රැස් කළේ හයේ පහර 9ක් හා හතරේ පහර 6ක් සමගින්.

ඔහු සිය ශතකය පන්දු 42කින් වාර්තා කළ අතර, එය ඉතිහාසගත වුණේ එංගලන්තය වෙනුවෙන් පිතිකරුවෙකු 20යි 20 ජාත්‍යන්තර තරගයක වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි.

ලිවින්ග්ස්ටෝන් සිය අර්ධ ශතකය වාර්තා කිරීමට වැය කළේ පන්දු 17ක් පමණයි.

එය එංගලන්තය වෙනුවෙන් 20යි 20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය වීම ද විශේෂත්වයක්.

ජේසන් රෝයි ලකුණු 32(13)ක් රැස් කළ නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් එංගලන්ත හඹා යාමට සැලකිය යුතු දායකත්වයක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි හා ශඩාබ් ඛාන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...