සංගා – මහේල ඉන්දියාවේ හිටියා නම් ඔවුන්ට ඉහළම තැන ලැබෙනවා – රවී ශාස්ට්‍රී

Date:

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි අවධානයක් යොමු වුණා.

ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණයේ දී මෙරට ක්‍රීඩකයින් ප්‍රශ්න කිරීම්වලට ලක්වීම ඊට ප්‍රධාන හේතුවක්.

විශේෂයෙන් ප්‍රශ්න කිරීම් සදහා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර කැදවීම ද බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට හේතු වුණා.

මේ සම්බන්ධයෙන් News 1st වෙබ් අඩවිය පල කළ පුවතක 2015 වර්ෂයේ දී ඉන්දියාව සමග පැවති ක්‍රිකට් තරගාවලියක් අතරතුර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රවී ශාස්ත්‍රි, කුමාර් සංගක්කාර මහතා පිළිබඳව පල කළ අදහසක් මෙලෙස වාර්තා කර තිබුණා.

“මම සංගක්කාරව පළමු තරගයේ සිට දැක තිබෙනවා. ඔහු ශ්‍රේණිගත කිරීම්වල හැම වේලාවේම සිය ස්ථානය හොඳින් රැක ගත්තා. සංගා නිතර දක්ෂතා අතර ඉන්න ක්‍රීඩකයෙක්. ඔහු සමකරන්න අමාරු ක්‍රීඩකයෙක්. තෙන්ඩුල්කාර් වගේම විශිෂ්ටයෙක්. සංගක්කාරගේ ක්‍රිකට්‍ දක්ෂතා ඊට හොඳම උදාහරණ.

ඔහු ලබපු හැම ශතකයක්ම ද්විත්ව ශතකයකම ඊට සාක්ෂි දරයි. ඔහු ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් හා සමානයි. ශ්‍රී ලාංකිකයන් සැබැවින්ම ඒ ගැන සැබවින්ම ආඩම්බර වෙන්න ඕන. සංගක්කාර රැස්කළ ලකුණු ගැන විතරක්ම නෙවෙයි. ක්‍රීඩා පිටියෙන් එහා තියෙන ඔහුගේ මහත්මා ගුණය ගැන.

ඔහු ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් කරනවා. ගොඩක් කැපවීම් කරනවා. සංගක්කාර ක්‍රීඩා කරන්නේ එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ, දකුණු අප්‍රිකාවේ හෝ වෙනත් කොතැනක වුණත් ඔහු ඉතා ඉක්මණින් තණතීරුව හඳුනා ගන්නවා.

සංගාට මහේලට නිසි පිළිගැනීම ලැබුණ ද කියන එක ඇත්තටම සිතන්න ඕන. ඔවුන් ඉන්දියාවේ හිටියා නම් ඔවුන්ට ඉහළම තැන ලැබෙනවා. ඔහු අංක 3 පිතිකරු හැටියට ක්‍රීඩා කරන අවස්ථාවල ඉතා අසීරු තණතීරුවල පවා ඉතා හොඳ ඉනිම් ක්‍රීඩා කළා. සංගක්කාරට ඉතාමත් ඉහළ තාක්ෂණයෙන් යුතු ක්‍රීඩා විලාසයක් තිබුණේ. පිතිකරුවන්ට සුදුසු තණතීරුවල ඔහුගේ ක්‍රීඩා විලාසය හාත්පසින්ම වෙනස්. සැබවින්ම සංගක්කාර විශිෂ්ට ක්‍රීඩකයෙක්”

(​NEWS 1st)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...