ආසියානු කුසලානය ගැන අවසන් තීන්දුවට දින නියම වෙයි

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන 9 වනදා ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, එදින පැවැත්වීට නියමිත ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී යි.

දුරකතන තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම සංවිධාන කර ඇති බව සදහන්.

තරගාවලිය මෙම වසරේ දී නියමිත පරිදි පවත්වන්නේ නම් එය පවත්වන්නේ කුමන රටකද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය ද මෙම රැස්වීමේ ගැනීමට නියමිතයි.

පසුගිය ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණා.

ඒ, මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිතව සිටි පාකිස්තානය විසින් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැමැත්ත පල කිරීමත් සමගයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...