කුසල් මෙන්ඩිස්ට ඇප

Date:

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

එහිදී ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි බව සදහන්.

අනතුර සිදු වන අවස්ථාවේ බීමතින් නොසිටි බවටයි මූලික විමර්ශනවලින් අණාවරණය වී තිබුණේ.

රිය අනතුර සිදු වන අවස්ථාවේ දී තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද ඔහු පැද වූ රථයේ සිට ඇති බවටයි වාර්තා වුුණේ.

ඔවුන් මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඊයේ අලුයම මෙම අනතුර සිදුව තිබුණා.

කුසල් මෙන්ඩිස් ගමන් කළ මෝටර් රථයේ පාපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු ගැටී අනතුර සිදු වූ අතර, එහිදී 64 හැවිරිදි පාපැදිකරු මිය ගියා.

කුසල් මෙන්ඩිස්ට නින්ද යාම අනතුරට හේතුව ලෙස අණාවරණය වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...