කම්රන් අක්මාල්ගෙන් ශ්‍රී ලංකාවට යළි අපහාසයක්

Date:

අත්දැකීම් අවම එංගලන්ත කණ්ඩායම හමුවේ පාකිස්තාන කණ්ඩායම පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් පරාජයට පත් වීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක කම්රන් අක්මාල් සිය අප්‍රසාදය පල කර තිබෙනවා.

ඊයේ(8) කාර්ඩිෆ්හි පැවැති මෙම තරගය සදහා එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 5 දෙනෙකු ජාත්‍යන්තර වරම් දිනා ගත් නමුත්, එංගලන්තය හමුවේ කිසිදු සටනකින් තොරව කඩුලු 9ක දැවැන්ත පරාජයක් ලැබීමට පාකිස්තානයට සිදු වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිමා වූ එංගලන්ත තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් ප්‍රබල එංගලන්ත කණ්ඩායම හමුවේ දිස් වූ දුර්වල ක්‍රීඩා විලාශයට ද වඩා දුර්වල තරග රටාවක් පාකිස්තානය ප්‍රදර්ශනය කිරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් කරුණක්.

ඒ අනුව පාකිස්තානයේ කම්රන් අක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායම ද ඈදා ගනිමින් පාකිස්තානයේ දුර්වල ක්‍රීඩා විලාශය විවේචනයට ලක් කර තිබෙනු අද වාර්තා වුණා.

“අපේ ක්‍රිකට් හෝ තේරීමේ ක්‍රියාවලිය නිවැරැදි නැහැ” යනුවෙන් ඔහු සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ කියා සිටියා.

“පාකිස්තානය ක්‍රීඩා කරපු හැටි දැක්කම ශ්‍රී ලංකාව එංගලන්තය හැර ගිය බවක් දැනුණේ නැහැ. එංගලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන බවක් දැනුණේ. එංගලන්තය කළේ පාකිස්තානය විසින් කළ යුතු දෙයක්; ප්‍රතිවාදීන්ව ලකුණු 141කට දවා ගැනීම. බෙන් ස්ටොක්ස්ගේ නායකත්වය විශිෂ්ඨයි.”

මීට පෙර ද කම්රන් අක්මාල් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම හෑල්ලුවට ලක් කරමින් ප්‍රකාශ කිරීම නිසා ඔහුට එරෙහිව ඇතැම් පාර්ශවයන්ගෙන් විරෝධයක් ද එල්ල වුණා.

ඔහු මෑතකදී සදහන් කළේ ඉන්දීය C කණ්ඩායමට වුව ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පරාජයට පත් කළ හැකි බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...