ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය කල් යයි

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි තරග කාලසටහන සංශෝදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

දෙරට අතර එක්දින තරගාවලිය ලබන 13 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇතත්, මේ වන විට අවධානය යොමු කර ඇත්තේ තරගාවලිය ලබන 17 වනදා හෝ 18 වනදා ආරම්භ කිරීමටයි.

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් හා දත්ත විශ්ලේකවරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව මේ වන විට හදුනා ගෙන තිබෙනවා.

ඒ අනුව සියලු සාමාජිකයින් වැඩි කාලයක් නිරෝධායනයට ලක් කළ යුතු බැවින් තරගාවලිය මෙලෙස දින කිහිපයකින් කල් දැමීමට නියමිත බව සදහන්.

හෙට(10) දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් ආයතනයට හා තරග විකාශන ආයතනයට දැනුම් දෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...