ජගත් ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිළධාරී මනූ සව්හ්නි (Manu Sawhney) වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් වන බව අයි.සී.සීය පවසනවා.
අයි.සී.සී සභාපති Greg Barclay ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පැවැති විශේෂ රැස්වීමකින් පසුවයි ඔවුන් මේ බව නිවේදනය කළේ.
ඒ අනුව Geoff Allardice වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී ලෙස තවදුරටත් කටයුතු කරන බව ජගත් ක්‍රකට් කවුන්සලය (අයි.සී.සී) සදහන් කළා.
මනූ සව්හ්නිගේ සේවය අත්හිටුවීමට පසුගිය මාර්තු මාසයේ දී අයි.සී.සීය තීරණය කළේ සිදු කෙරුණු අභ්‍යන්තර පරීක්ෂණයක දී ඔහුගේ කළමණාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු රැසක් හදුනා ගැනීම හේතුවෙන්.

