ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය හදන්න මහේල සූදානම්

Date:

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග කටයුතු කිරීමට (උපදේශකයෙකු ලෙස) හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා කැමැත්ත පල කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා පවසනවා.

කෙසේ වෙතත්, ඔහු පූර්ණ කාලීන පුහුණුකරුවෙකු ලෙස කටයුතු නොකරනු ඇති බවත්, ඔක්තෝබර් මාසයෙන් පසුව කෙටි කාලයක් 19න් පහළ කණ්ඩායම සමග කටයුතු කරනු ඇති බවත්, හෙතෙම සදහන් කළා.

හිරු ප්‍රවෘත්ති සමග පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අරවින්ද ද සිල්වා මහතා මේ බව කියා සිටියා.

“19න් පහළ කණ්ඩායම තමයි ඉතාමත්ම වැදගත් කණ්ඩායම. අනාගතය හදන්නනම් ඔතන තමයි අඩිතාලම දාන්න ඕනෙ” යනුවෙන් අරවින්ද ද සිල්වා මහතා කියා සිටියා.

“ඉතිං ඒකට ලොකු අවධානයක් යොමු කරන්න ඕනෙ. ඉතිං එතන්ට හොද පුහුණුකරුවෙක් යොදවලා; අපි මහේලට ආරාධනා කරා ඒත් එයාට වේලා නැති නිසා ඔක්තෝබර් මාසෙන් පස්සේ හරි පොඩ්ඩක්වෙලා ඇවිල්ල එයා කරන්නම් කීවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...