ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරුට කොරෝනා

Date:

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණීමෙන් පසුව සිදු කෙරුණු PCR පරීක්ෂණවලදීයි ඒ බව අනාවරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අවසන් වීමෙන් පසුව එංගලන්ත එක්දින කණ්ඩායමට සම්බන්ධ ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළු සාමාජිකයින් 7 දෙනෙකුට ද කොවිඩ් 19 ආසාදනය වී තිබූ අතර, ඒ හේතුවෙන් එංගලන්ත එක්දින සංචිතයේ සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණා.

එම නිසා පාකිස්තානය සමග අද(8) ආරම්භ වූ එක්දින තරගාවලිය වෙනුවෙන් නව සංචිතයක් නම් කිරීමට ද එරට ක්‍රිකට් බළධාරීන්ට සිදු වුණා.

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට ද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...