ඔස්ට්‍රේලියාවට එරෙහි කොදෙව් සංචිතය නම් කෙරේ

Date:

ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වීමට එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

ශාරීරික යෝග්‍යතාවය අවශ්‍ය මට්ටමට නොමැති වීම හේතුවෙන් මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය සදහා නම් නොකළ ශිම්රන් හෙට්මයර්, ශෙල්ඩන් කොට්‍රෙල් හා රොස්ටන් චේස් මෙම සංචිතය සදහා කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

කෙවින් සින්ක්ලෙයාර්ට හා කයිල් මේයර්ස්ට එක්දින සංචිතයේ ස්ථාන අහිමි වී ඇති අතර, ශ්‍රී ලංකාවට එරෙහි තෙවැනි එක්දින තරගයේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් 24 හැවිරිදි ඇන්ඩර්සන් පිලිප් සංචිතයේ ස්ථානය තහවුරු කර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය ජූලි 20 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඊට පෙර දෙරට අතර තරග 5කින් යුත් 20යි 20 තරගාවලියක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

Squad:

Kieron Pollard (C), Shai Hope (VC), Fabian Allen, Darren Bravo, Roston Chase, Sheldon Cottrell, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Evin Lewis, Jason Mohammed, Anderson Philip, Nicholas Pooran, Romario Shepherd

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...