හැරිස් සොහයිල්ට එංගලන්ත එක්දින තරගාවලිය අහිමි වෙයි

Date:

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හැරිස් සොහයිල්ට එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

පසුගිය සතියේ සිදු කෙරුණු පුහුණුවීම් අතරතුර දී පාදයක ආබාධයකට ගොදුරු වීම හේතුවෙනුයි ඔහුට මෙලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.

ඊයේ(7) දිනයේ දී ඔහු වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ සති 4ක පමණ කාලයක් ඔහුට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බවයි.

ඒ අනුව 32 හැවිරිදි ඔහු යළි පාකිස්තානය වෙත පැමිණීමට නියමිතයි.

දෙරට අතර පළමු එක්දින තරගය අද(8) කාර්ඩිෆ්හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...