LPL තරගාවලියට ඉදිරියටත් තරග කරන බවට ස්ටෑලියන්ස් කණ්ඩායමෙන් ප්‍රකාශයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ඉදිරියටත් ක්‍රීඩා කිරීමට තවමත් සිය කණ්ඩායම කැපවී සිටින බව ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම පවසනවා

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් ඒ බව සදහන් කළා.

ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන තවත් කණ්ඩායමක හිමිකාරීත්වය සමග ඇති ගිවිසුම අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව මීට පෙර වාර්තා පලවී තිබූ අතර, ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය මෙලෙස අවලංගු කිරීමට කටයුතු කර ඇති බවටයි.

කෙසේ වෙතත්, අද(8) දහවල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම නිවේදනය කළේ  LPL තරගාවලිය සාර්ථකව පැවැත්වීම සදහා අඛණ්ඩව සහාය දෙන බවයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය අවලංගු කිරීමට ද පසුගිය මාසයේ දී තරගාවලි සංවිධායකයින් කටයුතු කළා.

මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එම අවලංගු කිරීම සිදු කෙරුණු බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...