ලංකා ප්‍රිමියර් ලීගය කල් යයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) දෙවැනි අදියර කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව තරගාවලිය නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට පෙර මෙවර තරගාවලිය ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, එම කාලයේ දී ජාත්‍යන්තර තරගාවලි හා ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇති බවත්, එම නිසා විදෙස් ක්‍රීඩකයින් LPL තරගාවලියට සම්බන්ධ කර ගැනීමේ දුෂ්කරතා සලකා බලා තරගාවලිය කල් දැමීමට තීරණය කළ බවත්, ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...