ලිටොන් හා මහ්මුදුල්ලාහ් බිද වැටුණු ඉනිම ගොඩ ගනියි

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(7) හරාරේ හී දී ආරම්භ වුණා.

පළමු දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 294ක් ලබා සිටියා.

ලිටොන් ඩාස් ලකුණු 95ක් රැස් කළ අතර, නායක මොමිනුල් හක් ලකුණු 70කට දැවී ගියා.

මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 54ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ හය වැනි කඩුල්ල ලකුණු 132ක්ව තිබියදී බිද වැටුණු අතර, අනතුරුව 7 වන කඩුල්ල සදහා ලිටොන් ඩාස් සහ මහ්මුදුල්ලාහ් අතර ලකුණු 138ක සබදතාවයක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී Blessing Muzarabani කඩුලු 3ක් දවා ගත් අතර, Donald Tiripano හා Victor Nyauchi කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...