ඉන්දීය තරගාවලිය සදහා නම් කර ඇති මූලික සංචිතයට අයත් ක්රීඩකයින් 30 දෙනාගෙන් ක්රීඩකයින් 29 දෙනෙකු ඉන්දීය තරගාවලියට අදාළ සංචාරක කොන්ත්රාත් ගිවිසුම් සදහා මේ වන විට අත්සන් තබා ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා.
ඇන්ජෙලෝ මැතිව්ස් ද එම ක්රීඩකයින් 30 දෙනා අතරට ඇතුළත්ව සිටි නමුත්, තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු ක්රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කළේ.
නැවත දැනුම් දෙන තුරු පෞද්ගලික හේතූන් මත මැතිව්ස් එම ඉල්ලීම සිදු කර ඇති බව ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

