බෙයාර්ස්ටව් සහ අලී ටෙස්ට් සංචිතයෙන් ඉවතට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන එංගලන්ත සංචිතය අද(4) ප්‍රකාශයට පත් කෙරුණා.

බෙන් ස්ටොක්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

විශේෂඥ දග පන්දු යවන්නෙකු ලෙස සංචිතයට නම් කර ඇත්තේ ඩොම් බෙස්.

සංචිතයට ජොනී බෙයාර්ස්ටව් සහ මොයීන් අලී නම් කර නැහැ.

ප්‍රධාන සංචිතයට අමතරව ක්‍රීඩකයින් 9 දෙනෙකුගෙන් යුත් අතිරේක ක්‍රීඩක සංචිතයක් ද නම් කළ බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

බෙන් ස්ටොක්ස් මෙම තරගයේ දී නායකත්වය දරනු ලබන්නේ නිත්‍ය නායක ජෝ රූට් පෞද්ගලික හේතුවක් මත පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන බැවින්.

ඒ අනුව බෙන් ස්ටොක්ස් ඉතිහාසගත වන්නේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන 81 වැනි නායකයා ලෙසයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 8 වනදා සවුත්හැම්ටන්හී දී ආරම්භ වීමට නියමිතයි.

England squad:

Ben Stokes (capt), James Anderson, Jofra Archer, Dominic Bess, Stuart Broad, Rory Burns, Jos Buttler (wk), Zak Crawley, Joe Denly, Ollie Pope, Dom Sibley, Chris Woakes, Mark Wood.

Reserves:

James Bracey, Sam Curran, Ben Foakes (wk), Dan Lawrence, Jack Leach, Saqib Mahmood, Craig Overton, Ollie Robinson, Olly Stone.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...