එදා ශ්‍රී ලංකාව අපිව පරාජය කළා; ඒ නිසා මේ දිනපු විදිහ ගොඩාක් ධනාත්මකයි : මෝර්ගන්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි 20යි 20 සහ එක්දින තරගාවලියන්හී දී සිය කණ්ඩායම ඔවුන්ව පරාජයට පත් කළ ආකාරය ඉතා ධනාත්මක බව එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය පසුගියදා නිමා වුණේ ක්‍රීඩා කළ තරග 6න් පහකම ජය එංගලන්තයට හිමි කර දෙමින්.

අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ ද එම තරගයේ ද වැඩි ගෞරව එංගලන්තයට හිමි වූයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 166කට සීමා කිරීම හේතුවෙන්.

එසේ වුවද ඔයින් මෝර්ගන් සදහන් කළේ ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව තම කණ්ඩායම හැකි සෑම දේම සිදු කළ බවයි.

2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජය ද සිහිපත් කිරීමට මෝර්ගන් අමතක කළේ නැහැ.

“ශ්‍රී ලංකාවේ තර්ජනය සහ ඔවුන්ගේ හැකියාව ගැන ඔබ සලකා බලන විට – එයාලා අපිව පරාජයට පත් කළා ලෝක කුසලානයේ දී, හැකියාවන් සහ දක්ෂතා ගොඩක් තියෙනවා – අපි ඔවුන්ව පරාජයට පත් කළ ආකාරය ගොඩක් ධනාත්මකයි” යනුවෙන් එංගලන්ත නායකයා සදහන් කළා.

දෙරට අතර පැවැති අවසන් තරගයේ දී ද කාසියේ වාසිය දිනා පිතිකරුවන්ට පන්දුවාර 50ක් පිතිකරණයේ නිරත වීම සදහා යම් අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් පළමුව පන්දුවට පහර දීමට තීරණය නොකළේ තරගාවලිය ජය ගැනීම අතිශය වැදගත් බැවින් බව ද මෙහිදී මෝර්ගන් පවසා සිටියා.

“අපිට අවශ්‍ය වුණේ තරගාවලිය ජය ගන්න. ක්‍රීඩා කරන සෑම තරගයකටම ලකුණු 10ක් තියෙනවා. අපි අනෙක් සියල්ලන්ටම (සියලු කණ්ඩායම්වලට) සමාන අච්චුවකයි ඉන්නේ”

මේ අතර, පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලියට ද නම් කර නොමැති, ආබාධවලට ලක්ව සිටි බෙන් ස්ටොක්ස් සහ ජොස් බට්ලර්, පාකිස්තානයට එරෙහි 20යි 20 තරගාවලියට ද ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි ඔයින් මෝර්ගන් කියා සිටියේ.

ස්ටොක්ස් මේ වන විට ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් එරට ප්‍රාන්ත තරගාවලිය සදහා ක්‍රීඩා කරමින් සිටින අතර, බට්ලර් ද මේ වන විට සිය පුහුණු කටයුතු ආරම්භ කරමින් සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...