විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු කණ්ඩායමකට ඇතුළත් කිරීමට එංගලන්තයේ අනුමැතිය

Date:

එංගලන්ත ප්‍රාන්ත සිව් දින සහ එක්දින ක්‍රිකට් තරගාවලි සදහා එක් කණ්ඩායමක් වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රීඩා කිරීමේ අවසර ලබා දීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, මෙම වසර අවසානයේ දී කොල්පැක් ගිවිසුම් ක්‍රමවේදය අහෝසි කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන්.

ඒ අනුව 2021 තරග වාරයේ සිට කණ්ඩායමක් සදහා එක් විදෙස් ක්‍රීඩකයෙකු වෙනුවට විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

ප්‍රාන්ත 20යි 20 තරගාවලියේ දී කණ්ඩායමක් සදහා විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මෙතෙක් පැවතිය ද, සෙසු තරගාවලි සදහා එලෙස විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රීඩා කිරීමේ අවසරය 2007 වසරේ සිට හිමි වූයේ නැහැ.

කෙසේ වෙතත්, යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍ය ගත් තීරණයත් සමග කොල්පැක් ගිවිසුම් තවදුරටත් පවත්වා ගෙන යාමට නොහැකි බැවින් මෙලෙස නීති සංශෝදනයක් කිරීමටයි එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

කොල්පැක් ගිවිසුමේ දී සිදු වූයේ විදෙස් ක්‍රීඩකයෙකු ඊට අත්සන් තැබුවහොත් එම ක්‍රීඩකයාට බ්‍රිතාන්‍ය ක්‍රීඩකයෙකු (දේශීය ක්‍රීඩකයෙකු) ලෙසින් ප්‍රාන්ත තරග සදහා සහභාගී වීමේ අවස්ථාව හිමි වීමයි.

වැඩි මුදලක් ලබා ගැනීමේ අරමුණින් විදෙස් ක්‍රීඩකයින් තම රටට ක්‍රීඩා කිරීම පසෙකලා කොල්පැක් ගිවිසුම් අත්සන් තබමින් එංගලන්තයට පැමිණීම පසුගිය කාලයේ දී දැක ගත හැකි වූ නමුත් වත්මන් තත්ත්වය යටතේ ඉදිරියේ දී එවැනි තත්ත්වයක් උදා නොවනු ඇති.

ප්‍රාන්ත කණ්ඩායම් ද එක් විදෙස් ක්‍රීඩකයෙකුට වඩා වැඩියෙන් තම කණ්ඩායම්වලට විදෙස් ක්‍රීඩකයින් සම්බන්ධ කර ගැනීමට හැකි වන නිසා මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට පෙළඹ සිටියා.

ක්‍රිකට් පුවත් එසැණින් දැන ගැනීමට hitwicket.lk අපගේ ෆේස්බුක් පිටුව සමගින් මෙතැනින් එක්වන්න 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...