ICC සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව එහි පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට එංගලන්තය සමත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග නිමා වූ දෙවැනි තරගයෙන් ලැබූ ජයග්‍රහනයත් සමගයි.

ඒ අනුව මේ වන විට සුපර් ලීගය යටතේ එංගලන්තය තරග 11කට ක්‍රීඩා කර තරග 6ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 60ක් හිමි කර ගෙන සිටිනවා.

දෙවැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය තරග 9කදී ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 50ක්.

තරග 8කදී එක් ජයග්‍රහනයක් පමණක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණු 8ක් ලබා ඇති ශ්‍රී ලංකාවට, කණ්ඩායම් 13ක් තරග වදින සුපර් ලීගයේ තවදුරටත් හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගනු ලබන්නේ මෙම සුපර් ලීගය ඔස්සේ වන බැවින්, ශ්‍රී ලංකාවට ඉදිරියේ දී ක්‍රීඩා කරන එක්දින තරග ජය ගැනීම අතිශය වැදගත් වනු ඇති.

සුපර් ලීගයේ පළමු ස්ථාන 7 හිමි කර ගන්නා කණ්ඩායම් 2023 ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි ඉන්දියාව සමග ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

ප්‍රසාද ලකුණු සටහන – 

  1. එංගලන්තය : තරග 11 – ප්‍රසාද ලකුණු 60
  2. බංග්ලදේශය : තරග 9 – ප්‍රසාද ලකුණු 50
  3. පාකිස්තානය : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  4. ඔස්ට්‍රේලියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  5. නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  6. ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  7. බටහිර ඉන්දීය කොදෙව් : තරග 6 – ප්‍රසාද ලකුණු 30
  8. ඉන්දියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 29 (එක් දඩුවම් ලකුණක්)
  9. නෙදර්ලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 20
  10. අයර්ලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 20
  11. සිම්බාබ්වේ : තරග 3 – ප්‍රසාද ලකුණු 10
  12. දකුණු අප්‍රිකාව : තරග 3 – ප්‍රසාද ලකුණු 9 (එක් දඩුවම් ලකුණක්)
  13. ශ්‍රී ලංකාව : තරග 8 – ප්‍රසාද ලකුණු 8 (දඩුවම් ලකුණු 2ක්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...