සියලු පරීක්ෂණ සමත් වෙමින් භානුක අභියෝගය ජය ගනියි

Date:

ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ මේ වන විට සියලු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් සමත් වී ඇති බව වාර්තා වනවා.

ඔහු මිනිත්තු 8.35කින් නිම කළ යුතු කිලෝ මීටර් දෙකේ යෝග්‍යතා පරීක්ෂණය මිනිත්තු 8.33කින් නිමා කර ඇති බව සදහන්.

එමෙන්ම ස්කින් ෆෝල්ඩ් (skinfolds) පරීක්ෂණයෙන් ද භානුක සමත්ව ඇත්තේ එය 104 සිට 71 දක්වා අඩු කර ගනිමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත්තේ ස්කින් ෆෝල්ඩ් 85 සීමාවෙන් පහත මට්ටමක පවත්වා ගත යුතු බවටයි.

මෙම පරීක්ෂණවලින් සමත් වීම හේතුවෙන් භානුක රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙනවා.

ඒ අනුව එළඹෙන ඉන්දීය තරගාවලි සදහා ද ඔහුට ක්‍රීඩා කිරීමේ හැකියාව පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...