පොලාඩ් හා බ්‍රාවෝ කොදෙව්වන් තවදුරටත් තරගාවලියේ රදවයි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-2ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙරට වේලාවෙන් අද(2) අලුයම නිමා වූ සිව්වන 20යි 20 තරගයෙන් කොදෙව්වන් ලකුණු 21ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ග්‍රැනඩාහී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 167ක් ලබා ගත්තා.

ලෙන්ඩ්ල් සිමන්ස් ලකුණු 47ක් රැස් කළ අතර, නායක කිරන් පොලාඩ් පන්දු 25කින් වේගවත් ලකුණු 51ක් රැස් කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමගින්.

කොදෙව්වන් සිය අවසන් පන්දුවාර 4 තුළ ලකුණු 66ක් රැස් කිරීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ජෝර්ජ් ලින්ඩේ සහ ටැබ්රයිස් ශම්සි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 60ක් සහ ඒඩ්න් මාක්‍රම් ලකුණු 20ක් ලබා ගත් නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් දකුණු අප්‍රිකා ඉනිමට සාර්ථක දායකත්වයක් හිමි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී විශිෂ්ඨ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ඩ්වේයන් බ්‍රාවෝ ලකුණු 19කට කඩුලු 4ක් බිද හෙලීමට සමත් වුණා.

තරගයේ වීරයා කොදෙව් නායක කිරන් පොලාඩ්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...