අයි.සී.සීය මතක් වී, ලබාගත් විශිෂ්ඨ කඩුල්ලේ සැමරුම අමතක කළ රබාඩා

Date:

දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග පහකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමි වූ බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

තරගය ජය ගැනීම සදහා කොදෙව්වන්ට ලකුණු 168ක ඉලක්කයක් හිමි වූ නමුත්, දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ සුවිශේෂී පන්දු යැවීම හමුවේ ප්‍රබල කොදෙව් පිතිකරණ බලඇණියට එම ලකුණු ප්‍රමාණය පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යවන්නන් අතරින් මෙම තරගයේ දී වැඩි අවධානයක් යොමු වූ පන්දු යවන්නෙකු වූයේ කාගිසෝ රබාඩා.

ඔහු ලකුණු 41ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්න ද කොදෙව් නායක කිරන් පොලාඩ්ගේ කඩුල්ල දවා ගනිමින් දකුණු අප්‍රිකාවට තරගයේ ජය මාවත විවර කර දීමට ඔහු සුවිශේෂී දායකත්වයක් දක්වනු ලැබුවා.

එමෙන්ම අවසන් පන්දුවාරය ද යොමු කරමින් තරගයේ ජය දකුණු අප්‍රිකාවට තහවුරු කර දුන්නේ ඔහුයි.

කොදෙව් ඉනිමේ 13 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ රබාඩා විසින් පොලාඩ්ගේ කඩුල්ල දවා ගත්තේ මනරම් යෝකර් පන්දුවක් යොමුකරමින්.

එම කඩුල්ල පමණක් නොව කාගිසෝ රබාඩා එම කඩුල්ල දවා ගැනීමෙන් පසුව එය සැමරූ ආකාරය ද මේ වන විට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති බවක් දැකගන්නට පුලුවන්.

ඔහු කඩුල්ලක් දවා ගැනීමෙන් පසු තරමක් ආවේගශීලී අයුරින් එය සමරන ආකාරය ඇතැම් අවස්ථාවලදී ඔබ දැක ඇති.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී කඩුල්ල දවා ගැනීමේ සතුට ආවේගශීලී අයුරින් සැමරීමට රබාඩා පළමුව උත්සාහ කර පසුව එම ස්වභාවය පාලනය කර ගැනීමට ඔහු හදිසියේ උත්සාහ ගන්නා බවක් දක්නට ලැබුණා.

මීට පෙර ඒ අයුරින් ආවේගශීලී සැමරුම් සිදු කිරීම හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් රබාඩාට තරග තහනම් පනවා තිබූ අතර, එය සිහිපත් වීමත් සමග ඔහු මෙලෙස සිය ආවේගය පාලනය කරගත් බවටයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ.

සැමරුම කෙසේ වෙතත්, පොලාඩ් දවා ගැනීම සදහා රබාඩා යොමු කළ පන්දුවනම් ඉතා විශිෂ්ඨ ගණයේ පන්දුවක් බවනම් පැවසිය හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...