T20 ලෝක කුසලානයේ දින සහ ක්‍රීඩාංගන අයි.සී.සීය නිවේදනය කරයි

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට තීරණය කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පවසනවා.

මෙවර තරගාවලිය ඉන්දීයාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එරට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය ඉන්දියාවේ දී නොපැවැත්වීමට තීරණය කළ බවයි අයි.සී.සීය සදහන් කළේ.

ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සිදු වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය ඊයේ නිල වශයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලයට දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත්, තරගාවලියේ සත්කාරක අයිතිය තවදුරටත් ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වනවා.

සියලු තරග එක්සත් අරාබියේ ඩුබායි, අබුඩාබි හා සාජා යන ක්‍රීඩාංගනවලදී මෙන්ම ඕමාන ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වෙන බව ද අයි.සී.සී තහවුරු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...