නායකයෙක් විදිහට මම සමාව ඉල්ලනවා : කුසල් ජනිත්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් තමා මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා පවසනවා.

කණ්ඩායම මෙතරම් දුරට අසාර්ථක වී ඇති පසුබිමක පවා ප්‍රේක්ෂකයින් දක්වන සහයෝගය සම්බන්ධයෙන් තමා ස්තූතිවන්ත වන බවයි ඔහු අද(28) පැවැති අතථ්‍ය මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

“ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ, පිළිගන්නව අපි පරාජය වෙන විදිහට ගොඩක් ප්‍රේක්ෂකයන් දුකෙන් ඉන්නෙ. එහෙම වෙලත් අපිට මෙහෙම කතා කරලා සුබ පතන එක ගැන සතුටුයි.” යනුවෙන් කුසල් ජනිත් කියා සිටියා.

කෙසේ වෙතත්, සිදු වූ වැරැදි සකස් කර ගනිමින් ඉදිරියේ දී යළි ජයග්‍රාහී රිද්මයට පැමිණීමට උත්සාහ කරන බවයි ශ්‍රී ලංකා නායකයා සදහන් කළේ.

“ඒ වගේම කනගාටුව ප්‍රකාශ කරන්න ඕනෙ මොකද එයාලගෙ (ප්‍රේක්ෂකයින්ගේ) තියෙන බලාපොරොත්තු අපි සීමිත දුරට නැති කරලා තියෙනවා. ඒකට සමාව ඉල්ලනවා නායකයෙක් විදිහට. මේ විදිහට ඉස්සරහටත් සහයෝගය දක්වන්න කියල ඉල්ලනවා. මොකද මේ වුණ දේවල් හදාගෙන පුලුවන් තරම් ඉක්මනට දිනන මානසිකත්වයකට මුළු කණ්ඩායමම හදල ප්‍රේක්ෂකයින්ගේ අවශ්‍යතාවය වන තරග දිනන විදිහට කණ්ඩායම හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට” 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...