නිර්භය ක්‍රිකට් ගහල අපිමයි වැටුුණු වලෙන් ගොඩ එන්න ඕනෙ : කුසල් ජනිත්

Date:

නවක ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුට එංගලන්තයට එරෙහිව හෙට(29) ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී වැඩි අවස්ථාවක් හිමි වන බව ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා පවසනවා.

ඒ, අද(28) පැවැති අතථ්‍ය මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව චරිත් අසලංකට ද මෙම තරගාවලියේ දී අවස්ථාවක් හිමි වනු ඇති බව ශ්‍රී ලංකා නායකයා පෙන්වා දුන්නා.

“චරිත් අසලංක ගැන අවධානය යොමු වෙලා තියෙනවා. ගොඩක් නවක ක්‍රීඩකයින් මේ එක්දින තරගාවලියට යොදා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. නවක ක්‍රීඩකයින් සියලු දෙනාටම හොද අවස්ථාවක් තියෙනවා තරගාවලිය ක්‍රීඩා කරන්න”

අබාධයකට ලක් වූ අවිශ්ක ප්‍රනාන්දු තරමක් සුව අතට පැමිණ ඇතත්, එක්දින තරගාවලිය සදහා ඔහුගේ සහභාගීත්වය පිළිබද මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි කුසල් ජනිත් කියා සිටියේ.

එමෙන්ම නිර්භය ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්කම මෙහිදී කුසල් ජනිත් යළි යළිත් ප්‍රකාශ කර සිටියා.

“මම අදටත් කියන්නේ අපි නිර්භය ක්‍රිකට් ගහන්න ඕනෙ. මේ වලෙන් ගොඩ එන්නනම් අපි බය නැතුව ගහන්න ඕනෙ. ගොඩක් අය කියනවා අපි නිර්භය නෙවෙයි පීඩනයක් දාගෙන තමයි ගහන්නේ කියලා. වචනවලින් කියන්න ලේසියි ඒ දේ නමුත් ක්‍රියාවට නංවන්න අමාරුයි. අපිම වැටිල ඉන්න වලෙන් අපිමයි අනිවාර්යයෙන්ම ගොඩ එන්න ඕනේ. මෙතන වෙන කට්ටියකට දීලා ගොඩ එනකම් බලන් ඉන්න බෑ. අපි බය නැති වෙන්න වෙන්න තමයි අපේ තියෙන දේවල් ගන්න පුලුවන් වෙන්නේ.” 

ALSO READ : නායකයෙක් විදිහට මම සමාව ඉල්ලනවා : කුසල් ජනිත්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...