මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්ක ඉන්දීය තරගාවලියෙනුත් ඉවත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක එළඹෙන ඉන්දීය තරගාවලියෙන් ද ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඔවුන් තිදෙනාට මේ වන විට තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර, එංගලන්තයේ සිට මෙරටට පැමිණිමට නියමිත මීළග ගුවන් යානයෙන් එම ක්‍රීඩකයින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතයි.

ඔවුන් එංගලන්ත තරග සංචායේ දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම පියවර ගැණුනා.

ක්‍රීඩා මාධ්‍යවේදී Rex Clementine ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ නිසි විමර්ශනයකින් අනතුරුව කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බවයි.

ඔවුන් තිදෙනා ඩර්හැම් නුවර රාත්‍රී කාලයේ දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් මාර්ගයක ගමන් කරන ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ අතර, ඉන් අනතුරුවයි ඒ පිළිබද විමර්ශන ආරම්භ කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...