දකුණු අප්‍රිකාව තරගාවලිය සම කරයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට දකුණු අප්‍රිකාව මෙරට වේලාවෙන් අද(28) අලුයම සමත් වුණා.

ග්‍රැනඩාහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 166ක් රැස් කළා.

නායක ටෙම්බා බවුමා ලකුණු 46ක් සහ රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 42ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඔබෙඩ් මැකොයි කඩුලු 3ක් සහ කෙවින් සින්ක්ලෙයාර් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150ක් පමණයි.

ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 35ක් සහ ෆේබියන් ඇලන් ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 3ක් සහ ජෝර්ජ් ලින්ඩෙ කඩුලු 2ක් දවා ගත්තා.

දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගයෙන් කොදෙව්වන් ජය වාර්තා කළේ කඩුලු 8කින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...