ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අර්බුදයක; තරග තීරකට කොරෝනා; 7ක් හුදෙකලා කෙරේ

Date:

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති 20යි 20 තරගාවලියේ දී තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළ Phil Whitticase ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු දින 10ක කාලයක් ස්වයං හුදෙකලා කිරීමට (self-isolation) ලක් කර ඇති බවයි.

20යි 20 තරගාවලිය තරග 3-0ක් ලෙස එංගලන්තය ජයගත් අතර, එක්දින තරගාවලිය ලබන 29 වනදා ආරම්භ වීමට නියමිතයි.

තරග නිළධාරීන් හා දූෂන මර්දන ඒකකයේ නිළධාරීන් 7 දෙනෙකු තරග තීරකවරයාගේ සමීප ආශ්‍රිතයින් ලෙස හදුනා ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන්ද දින 10ක කාලයක්, එනම් ජූලි 7 වනදා තෙක් ස්වයං හුදෙකලා කිරීමට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, මින් කණ්ඩායම් දෙකේ කිසිදු සාමාජිකයෙකුට බලපෑමක් එල්ල වී නැහැ.

පළමු එක්දින තරගය නියමිත පරිදි පැවැත්වීම සදහා අවශ්‍ය විකල්ප විධිවිධාන යොදන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...