ප්‍රෙටෝරියස්ට කොරෝනා; මෝල්ඩර් 20යි 20 සංචිතයට

Date:

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් ප්‍රෙටෝරියස්ට (Dwaine Pretorius) කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු 20යි 20 සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග කොදෙව් දූපත්හි Grenada වෙත පිටව ගොස් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් Grenada වෙත පැමිණ ඇති අතර, ප්‍රෙටෝරියස් වෙනුවට 20යි 20 සංචිතයට කැදවා ඇත්තේ ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටි වියාන් මෝල්ඩර්.

දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයේ රැදී සිටි බෙයුරන් හෙන්ඩ්‍රික්ස් යළි සියරට බලා පිටව යාමට නියමිතව තිබූ නමුත්, ඔහු ද 20යි 20 සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සුදු පන්දු නායක ටෙම්බා බවුමාට ආබාධවලට ලක්වීම හේතුවෙන් නිමා වූ ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ නමුත්, ඔහුට 20යි 20 තරගාවලිය ගැටලුවකින් තොරව ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බව සදහන්.

South Africa T20I squad:

Temba Bavuma (c), Quinton de Kock (wk), Bjorn Fortuin, Beuran Hendricks, Reeza Hendricks, Heinrich Klaasen, George Linde, Sisanda Magala, Janneman Malan, Aiden Markram, David Miller, Wiaan Mulder, Lungi Ngidi, Anrich Nortje, Andile Phehlukwayo, Kagiso Rabada, Tabraiz Shamsi , Rassie van der Dussen, Kyle Verreynne, Lizaad Williams

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...