PSL ශූරතාවය මුල්ටාන් සුල්ටාන් කණ්ඩායමට

Date:

පළමු වරට පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(25) අලුයම සමත් වුණා.

ඒ, අබුඩාබිහි පැවැති අවසන් මහා තරගයෙන් පෙෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව ලකුණු 47ක ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුල්ටාන් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබා ගත්තා.

සොහයිබ් මක්සූද් නොදැවී ලකුණු 65ක්(35) සහ රිලී රොසෝව් වේගවත් ලකුණු 50ක්(21) රැස් කළා.

පන්දු යැවීමේ දී සමීන් ගුල් හා මොහොමඩ් ඉර්ෆාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පෙෂාවර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159ක් පමණයි.

ෂොයිබ් මලික් ලකුණු 48ක් සහ කම්රන් අක්මාල් ලකුණු 36ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඉම්රාන් තහීර් ලකුණු 33කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...