එක් තරගයකින් ලෝක ටෙස්ට් ශූරයින් තෝරනවට මම එකග නැහැ : කෝලි

Date:

පළමු අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජයග්‍රාහයකයින් වීමට නවසීලන්තය ඉතා සුදුසු බව ඉන්දීය නායක විරාට් කෝලි පවසනවා.

අවසන් මහා තරගයෙන් නවසීලන්තය හමුවේ කඩුලු 8ක පරාජයක් ලැබීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

කෙසේ වෙතත්, කෝලි පෙන්වා දෙන්නේ වසර දෙකක කාලයක් පුරා පැවැත්වෙන ටෙස්ට් ශූරතාවලියේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම සදහා එක් අවසන් තරගයක් පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

අවම වශයෙන් තරග 3කින් යුත් තරගාවලියක් පවත්වා එම තරගාවලියෙන් ජය ගන්නා කණ්ඩායමට ශූරතාවය පිරිනැමීම ඉදිරියේ දී සිදු විය යුතු බව ඔහුගේ අදහසයි.

“මම සම්පූර්ණයෙන්ම එකග වෙන්නේ නැහැ ලොව හොදම ටෙස්ට් කණ්ඩායම එක් තරගයකින් තේරීම ගැන” යනුවෙන් කෝලි සවුත්හැම්ටන්හි පැවැති තරගයෙන් පසුව සදහන් කළා.

විරාට් කෝලිගේ නායකත්වයෙන් ඉන්දීය කණ්ඩායම අයි.සී.සී තරගාවලියක අවසන් තරගයක් පරාජයට පත් වූ දෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර 2017 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගය ද ඔවුන් පරාජයට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...