LPL ක්‍රීඩක ලියාපදිංචිය ඇරඹේ; කොන්දේසි සහ සංයුතිය ප්‍රකාශයට පත් කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග්(එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම හෙට(21) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ විදෙස් ක්‍රීඩකයින්ට ජූනි 27 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර තම ලියාපදිංචිය සිදු කළ හැකි බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ලියාපදිංචි වන සියලු ක්‍රීඩකයින් සුදුසුකම් මත පදනම්ව එල්.පී.එල් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවට ඉදිරිපත් කරනු ඇති.

  • විදෙස් ක්‍රීඩකයින්

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවට විදෙස් ක්‍රීඩකයින් තේරී පත්වන්නටනම් ඔවුන් සිය රටේ ජාතික කණ්ඩායම හෝ පළමුපෙල තරග ක්‍රීඩා කර තිබීම හෝ ප්‍රධාන 20යි 20 ලීග් තරගාවලියක් (ප්‍රධාන සාමාජික රටවල්හි පවත්වන) ක්‍රීඩා කර තිබීම අනිවාර්යය වනවා.

එමෙන්ම එම ක්‍රීඩකයින් ඔවුන්ගේ ක්‍රිකට් ආයතන විසින් පිළිගත් ක්‍රීඩකයින් ද විය යුතුයි.

  • දේශිය ක්‍රීඩකයින් 

දේශීය ක්‍රීඩකයින්, ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත් කරනුයේ ජාතික තේරීම් කමිටුවේ නිර්දේශ මතයි.

ජාතික කණ්ඩායම, නැගීඑන, සංවර්ධන කණ්ඩායම් සහ ‘A’ කණ්ඩායම නියෝජනය කිරීම මෙන්ම ප්‍රධාන ක්‍රීඩා සමාජ තරගාවලිය ක්‍රීඩා කර තිබීම මෙහිදී සුදුසුකමක් ලෙස සලකනු ලබනවා.

  • කණ්ඩායම් සංයුතිය

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 5ක් ඊට එක් වන අතර, සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකියි.

එම ක්‍රීඩකයින් 20 දෙනා අතරට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

අවශ්‍යනම් කණ්ඩායම් කළමණාකාරීත්වයට පසුගියවර සංචිතයේ රැදී සිටි ක්‍රීඩකයින් අතරින් සිව්දෙනෙකු (දේශිය 2 හා විදෙස් 2) මෙවර තරගාවලිය සදහා ද රදවා තබා ගත හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

සෙසු ක්‍රීඩකයින් තෝරා පත් කර ගත යුතු වන්නේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...