තවත් ප්‍රබලයෙක් ‘ද හන්ඩ්‍රඩ්’ හැර යයි

Date:

එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත ‘ද හන්ඩ්‍රඩ්’ හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ මෙවර අදියරෙන් බර්මිංහැම් ෆීනික්ස් (Birmingham Phoenix) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඔස්ට්‍රේලියාවේ ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් ද ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සහාය පුහුණුකරු වශයෙන් ඔහුට අදාළ කාලයේ දී ජාත්‍යන්තර තරගාවලි සදහා එක්වීමට සිදුවීම හේතුවෙන්.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් මෙම මස අවසානයේ දී බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයක් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, අනතුරුව බංග්ලාදේශ සංචාරයක ද නිරත වීමට නියමිතයි.

ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් වෙනුවට නවසීලන්තයේ ඩැනියල් විටෝරි බර්මිංහැම් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පත් වීමට ඉඩ ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ.

කෙසේ වෙතත්, මැක්ඩොනල්ඩ් 2022 තරග වාරය සදහා එක්වීමට නියමිතව සිටිනවා.

මීට පෙර ජාත්‍යන්තර තරගාවලි සහ ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටීමේ දුෂ්කරතා පදනම් කර ගනිමින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියෙන් ඉවත් වුණා.

ඒ අතරට කාගිසෝ රබාඩා, ඩේවිඩ් වෝනර් සහ මර්කස් ස්ටොයිනිස් ද ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...