ශ්‍රී ලංකා – එංගලන්ත පළමු 20යි 20 තරග දෙකට විදුලි ආලෝකය හරස් වෙයි?

Date:

ගැටලු සහගත තත්ත්වයක් පැවතියද ලබන 23 වනදා ආරම්භ වීමට නියමිත එංගලන්ත – ශ්‍රී ලංකා 20යි 20 තරගාවලිය කාර්ඩිෆ් ක්‍රීඩාංගනයේ දී සැලසුම් කළ පරිදි ආරම්භ කිරීමට සූදානමින් පසුවන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ වන විට කාර්ඩිෆ් ක්‍රීඩාංගනයේ දී රාත්‍රී තරග සංවිධාන කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත්තේ එහි විදුලි ආලෝකය සපයන කුළුනු පහෙන් එක් කුළුනක් අක්‍රීය වීම හේතුවෙන්.

එය යථාතත්ත්වයට පත් කිරීම සදහා අවශ්‍ය අමතර කොටස් අමෙරිකා එක්සත් ජනපදයෙන් ඇණවුම් කර ඇතත්, ඒවා මෙතෙක් ලැබී නොමැති බව සදහන්.

කෙසේ වෙතත්, අවශ්‍ය උපකරණ නියමිත කාලය වන විට ලැබෙනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

විදුලි ආලෝකය ලබා ගැනීම සදහා තාවකාලික ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ද බළධාරීන් විසින් අවධානය යොමු කර ඇත්තේ අවශ්‍ය වුවහොත් විකල්පයක් වශයෙන් යොදා ගැනීමටයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු 20යි 20 තරග දෙක ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා එරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...