රබාඩාත් ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත ‘ද හන්ඩ්‍රඩ්’ හෙවත් ඉනිමකට පන්දු සියය බැගින් වන ක්‍රිකට් තරගාවලිය සදහා තවත් ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වය අවිනිශ්චිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ජාත්‍යන්තර තරගාවලි සහ ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටීමේ දුෂ්කරතා පදනම් කර ගනිමින්.

ඒ අනුව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා ද මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.

පවුම් 100,000 මුදලකට මැන්චෙස්ටර් ඔරිජිනල්ස් (Manchester Originals) කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇති රබාඩා මේ වන විට කොදෙව් දූපත්හි තරග සංචාරයක නිරතව සිටින්නේ දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කරමින්.

අනතුරුව දකුණු අප්‍රිකා කණ්ඩායම අයර්ලන්ත සංචාරයක නිරත වන්නේ එක්දින සහ 20යි 20 තරග 3 බැගින් යුත් තරගාවලි ක්‍රීඩා කිරීමේ අරමුණින්.

එම සංචාරය අවසන් වන්නේ ජූලි 25 වනදායි; එනම් Manchester Originals කණ්ඩායම මෙවර තරග වාරය යටතේ සිය දෙවැනි තරගය ක්‍රීඩා කිරීමට නියමිතව ඇති දිනයේ දී යි.

අයර්ලන්ත සංචාරයෙන් පසුව රබාඩා විවේක කාලයක් ගත කිරීමට අපේක්ෂාවෙන් පසුවන බැවින් ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියෙන් ඔහු ඉවත් වීමට තීරණය කර ඇති බව සදහන්.

රබාඩා වෙනුවට නවසීලන්තයේ ලුකී ෆර්ගියුසන් මැන්චෙස්ටර් සංචිතයට ආදේශ කිරීමට නියමිත බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියෙන් පසුගියදා ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මර්කස් ස්ටොයිනිස් ද ඉවත් වීමට තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...