ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ඉන්දීය සංචිතය නම් කෙරේ

Date:

ලබන 18 වනදා එංගලන්තයේ සවුත්හැම්ටන්හී දී නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඉන්දියාව නම් කර තිබෙනවා.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ඇතුළත් ආරම්භක පිතිකරුවන් වන්නේ රෝහිට් ෂර්මා සහ ෂුබ්මන් ගිල් පමණයි.

ඒ අනුව අවසන් තරගයේ දී ඔවුන් දෙදෙනා ඉන්දීය ඉනිම ආරම්භ කරනු ඇති.

මයාන්ක් අගාර්වල් සහ කේ.එල් රාහුල් සංචිතයට ඇතුළත්ව නොමැති අතර, කඩුලු රකින පිතිකරුවන් වන රිෂාබ් පාන්ට් හා ව්රිිධිමන් සහා යන ක්‍රීඩකයින් දෙදෙනාම සංචිතයට නම් කර තිබෙනවා.

මොහොමඩ් ෂාමි, ජස්ප්‍රිට් බුම්රා, ඉෂාන්ට් ෂර්මා, මොහොමඩ් සිරාජ් සහ උමේෂ් යාදෙව් යන ක්‍රීඩකයින් 5 දෙනා වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්.

දග පන්දු යවන්නන් ලෙස නම් කර ඇත්තේ ආර්.අශ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා පමණයි.

ඉන්දීය සංචිතය:

Rohit Sharma, Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Ajinkya Rahane, Rishabh Pant, Ravindra Jadeja, R Ashwin, Mohammed Shami, Jasprit Bumrah, Ishant Sharma, Mohammad Siraj, Hanuma Vihari, Wriddhiman Saha, Umesh Yadav

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට ඇතුළත්ව සිටි, එහෙත් අවසන් සංචිතයට ඇතුළත් නොවූවන් –

Shardul Thakur, Washington Sundar, Axar Patel, Mayank Agarwal, KL Rahul

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...