මුල්ටාන් කණ්ඩායමට කඩුලු 8ක ජයක්

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 21 වන තරගයෙන් ජය වාර්තා කිරීමට මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම සමත් වුණා. අබුඩාබිහි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ කඩුලු 8කින් පරාජයට පත් වූයේ පෙෂාවර් සල්මි කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පෙෂාවර් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තා. Sherfane Rutherford ලකුණු 56ක් රැස් කළේ පන්දු 40කින් හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමගින්.

කම්රන් අක්මාල් ලකුණු 35ක් සහ හෙයිදර් අලී ලකුණු 28ක් රැස් කළ අතර, ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 71ක්. ඩේවිඩ් මිලර් ලකුණු 22කට දැවී ගියා.

පන්දු යැවීමේ Shahnawaz Dhani කඩුලු 4ක් බිද හෙලුවේ ලකුණු 31ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුල්ටාන් කණ්ඩායම පන්දුවාර 16.3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. නායක මොහොමඩ් රිස්වාන් පන්දු 56කින් නොදැවී ලකුණු 82ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමගින්. සොහයිබ් මක්සූද් පන්දු 31කින් ලකුණු 61ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමගින්.

පන්දු යැවීමේ දී මොහොමඩ් ඉර්ෆාන් සහ මොහොමඩ් ඉම්රාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...