ලකුණු 20ට 5ක් දැවී ගිය ඉස්ලාමාබාදයට ලකුණු 28ක ජයක්

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගයෙන් සුවිශේෂී ජයක් වාර්තා කිරීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම අද(13) සමත් වුණා. ඔවුන් හමුවේ අබුඩාබි හි පැවැති තරගයේ දී ලකුණු 28කින් පරාජයට පත් වූයේ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉස්ලාමාබාද් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 152ක් රැස් කිරීමට සමත් වුණේ ඔවුන්ගේ ඉනිමේ කඩුලු 5ක් ලකුණු 20කට දැවී ගොස් තිබූ පසුබිමකයි. 6 වැනි කඩුල්ල වෙනුවෙන් ඉෆ්ටිකාර් අහ්මඩ් සහ අසිෆ් අලී පන්දු 76කින් ගොඩ නැගූ ලකුණු 123ක සබදතාවය ඔවුන්ට එම ලකුණු ප්‍රමාණය රැස් කිරීමට දායකත්වය දක්වනු ලැබුවා.

අසිෆ් ලකුණු 75(43)ක් ලබා ගත්තේ හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් සමගින්. ඉෆ්ටිකාර් ලකුණු 49කට දැවී ගියා. සෙසු කිසිදු පිතිකරුවෙකුටවත් ලකුණු 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ජේම්ස් ෆෝල්ක්නර් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර, ශහීන් ශාහ් අෆ්රිඩි සහ හැරිස් රවුෆ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලාහෝර් කණ්ඩායමට පන්දුවාර 18.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි. ෆකාර් සමාන් ලකුණු 44ක් සහ සොහයිල් අක්තාර් ලකුණු 34ක් ලබා ගනිමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 55ක සබදතාවයක් ගොඩ නගමින්.

කෙසේ වෙතත්, සෙසු කිසිදු නම් දැරූ පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට නොහැකි වූ අතර, අංක 11 පිතිකරු ලෙස පිටියට පිවිසි හැරිස් රවුෆ් ලකුණු 17ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මුහම්මද් මුසා ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත්තා. ෆවඩ් අහ්මඩ් සහ ශඩාබ් ඛාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...