රාහුල් ඩ්‍රාවිඩ් සමග ලංකාවට එන ප්‍රධාන සගයින් දෙදෙනා

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලය සදහා ටී දිලිප් සහ Paras Mhambrey පත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ පුහුණුකරුවන් වශයෙන්.

එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත් මෙම තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් කටයුතු කරනු ඇති.

මෙම තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ශිකර් දවාන්ටයි.

සංචාරයට එක්වන ක්‍රීඩකයින් 25 දෙනා (දැල් පන්දු යවන්නන් සහිතව) හෙට (14) සිට දින 14ක කාලයක් මුම්බායිහී දී නිරෝධායනයට ලක්වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම ලබන 28 වනදා දිවයිනට පැමිණෙන අතර, අනතුරුව දින 3ක කාලයක්, එනම් ජූලි 1 දක්වා හෝටල් කාමර තුළම නිරෝධායනට ලක් වනු ඇති.

අනතුරුව නිරෝධායනයට ලක් වන අතරතුරම පුහුණුවීම් සදහා ද එක්වීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට හිමිවන්නේ ජූලි 2-4 කාලයේ දී යි.

ජූලි 5-12 අතර කාලයේ දී නිරෝධායනයකින් තොරව පුහුණුවීම් කටයුතු සිදු කළ හැකියි.

එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ තරගාවලිය සංවිධාන කරන අතර, සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ALSO READ : ශ්‍රී ලංකා සංචාරය සදහා ඉන්දීය සංචිතය නම් කෙරේ; නායකත්වය ධවාන්ට

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...