“සමහර දේවල් ක්‍රිකට්වලට වඩා ගොඩක් වැදගත්” ; හසල් අලී PSL තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

පාකිස්තාන සහ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත තමා තරගාවලියෙන් ඉවත් වන බවයි ඔහු සදහන් කළේ.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග අබුඩාබිහී දී පසුගිය 9 වැනිදා ආරම්භ වූ අතර, එදින සිට මේ දක්වා හසන් අලී තරග දෙකකට ක්‍රීඩා කළා.

එහිදී කඩුලු 2ක් දවා ගත් ඔහු, මෙවර තරග වාරයේ දී මේ වන විට දවා ගෙන ඇති කඩුලු ගණන 10ක්.

“සියලු ඉස්ලාමාබාද් යුනයිටඩ් ප්‍රේක්ෂකයින්ට මට කියන්න අවශ්‍යයයි පෞද්ගලික හේතුවක් මත අවාසනාවන්ත ලෙස මට ඉතිරි  PSL තරගවලින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා කියලා.” යනුවෙන් ඔහු සදහන් කළා.

“සමහර දේවල් ක්‍රිකට් ක්‍රීඩාවට වඩා ගොඩක් වැදගත්. පවුලට වඩා වැදගත් කිසි දෙයක් නැහැ. මම ස්තූතිවන්ත වෙනවා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට, එයාලගේ සහයෝගයට සහ තේරුම් ගැනීමට”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...