මුන්රෝගේ ප්‍රවේගකාමී පිතිහරඹය යුනයිටඩ් කණ්ඩායමට කඩුලු 10ක ජයක් ගෙනෙයි

Date:

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 18 වන තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහනයක් වාර්තා කිරීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සමත් වුණා. අබුඩාබිහි ඊයේ රාත්‍රියේ පැවැති මෙම තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

තරගය ජය ගැනීම සදහා යුනයිටඩ් කණ්ඩායමට ලකුණු 134ක ඉලක්කයක් හිමි වූ අතර, එය ඔවුන් පසුකර ගියේ කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 10ක් පමණක් අවසානයේ දී යි. අගනා ඉනිමක් ක්‍රීඩා කළ කොලින් මුන්රෝ පන්දු 36කදී වේගවත් ලකුණු 90ක් නොදැවී රැස් කළා. ඔහුගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 12කින් වර්ණවත් වුණා.

ඔහුට අනගි සහායක් ලබා දුන් උස්මාන් කවාජා පන්දු 27කින් ලකුණු 40ක් නොදැවී රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් ලබා ගත්තේ Jake Weatherald ලබා ගත් ලකුණු 43න් සවිමත් වෙමින්. අසාම් ඛාන් ලකුණු 26යි. උස්මාන් ඛාන් ලකුණු 14ක් සහ ඇන්ඩ්‍රි රසල් ලකුණු 13ක් රැස් කළා.

පන්දු යැවීමේ දී හසන් අලී, මොහොමඩ් වසීම් සහ මුහම්මද් මුසා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...