එංගලන්ත පළමු ඉනිම ලකුණු 303කට සීමා වෙයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර බර්මිංහැම්හී දී පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.(11)

දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 258ක් ලබා සිටියා.

කෙසේ වෙතත්, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 303ක් පමණයි.

සටන්කාමී ඉනිමක් දියත් කළ ඩෑන් ලෝරන්ස් නොදැවී ලකුණු 81ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් ඇතුළත් වූ අතර, මාර්ක් වුඩ් ලකුණු 41කට දැවී ගියා.

ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් රෝරි බර්න්ස් සහ ඩොම් සිබ්ලි අතර ලකුණු 72ක සබදතාවයක් ගොඩ නැගුණා.

සිබ්ලි ලකුණු 35කටත්, බර්න්ස් ලකුණු 81කටත් දැවී ගියා.

සැක් ක්‍රව්ලි ලකුණු නොලබා දැවී යද්දී නායක ජෝ රූට් ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත්ත ද එහිදී ලකුණු නොලබා දැවී ගිය ජේම්ස් බ්‍රේසි මෙම ඉනිමේ දී ද පළමු පන්දුවෙන්ම දැවී ගියා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4ක් සහ මැට් හෙන්රි කඩුලු 3ක් දවා ගත් අතර, අජාස් පටෙල් බිද හෙලූ කඩුලු ගණන 2ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...