අන්රිච්ගේ කෙටි පන්දුව නිසා බෝනාර් පළමු තරගය අතරතුරදී තරගයෙන් ඉවතට

Date:

දකුණු අප්‍රිකාව සමග ඊයේ(10) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ පිතිකරණයේ නිරතව සිටියදී සිදු වූ අනතුරක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් මුල් පෙල පිතිකරු න්කෘමාහ් බෝනාර් (Nkrumah Bonner) තරගයෙන් ඉවත් කිරීමට කොදෙව් කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට කිරන් පවෙල් කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කොදෙව් ඉනිමේ දී බෝනාර් මුහුුණ දුන් පළමු පන්දුවේ දී ම ඔහු මෙම අනතුරට මුහුණ දුන්නේ අන්රිච් නොකියා යොමු කළ කෙටි පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන්.

කෙසේ වෙතත්, අනතුරුව ඔහු අඛණ්ඩව පන්දුවට පහර දුන් අතර, පන්දු 32කදී ලකුණු 10ක් රැස් කිරීමට බෝනාර් සමත් වුණා.

නමුත්, කොදෙව්වන් පන්දු රැකීමට පිටියට පිවිසි අවස්ථාවේ දී ඔහු පන්දු රැකීම සදහා පිටියට පිවිසියේ නැහැ.

පසුව කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ න්කෘමාහ් බෝනාර් වෙනුවට කිරන් පවෙල් කණ්ඩායමට ආදේශ කළ බවයි.

ඒ අනුව කොදෙව් දෙවැනි ඉනිමේ දී බෝනාර් වෙනුවට පන්දුවට පහර දීමේ අවස්ථාව ද කිරන් පවෙල්ට හිමි වනවා.

කිරන් පවෙල් අවසන් වරට කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබුණේ 2018 වසරේ දී යි.

Day 1 Report 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...