LPL දෙවැනි අදියරේ දින යළි තහවුරු කෙරේ; අවසන් තරගය මිලියන 135ක් නැරඹූ බව හෙළි වෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර මීට පෙර නිවේදනය කළ පරිදි ජූලි – අගෝස්තු මාසවලදී පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(8) පස්වරුවේ නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය ජූලි 30 වනදා සිට අගෝස්තු 22 වනදා දක්වා පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, පසුගිය දිනක මාධ්‍ය වාර්තා පල වුණේ එල්.පී.එල් තරගාවලියේ දෙවැනි අදියර තාවකාලිකව කල් දැමීමට තීරණය කර ඇති බවටයි.

තරගාවලියට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත සකස් කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

පසුගිය වසරේ පැවැති එල්.පී.එල් තරගාවලියේ පළමු අදියරට ලොව පුරා දැඩි ප්‍රේක්ෂක අවධානයක් යොමු වූ බවත්, අවසන් මහා තරගය මිලියන 135ක ප්‍රේක්ෂක පිරිසක් නරඹා තිබූ බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්.

කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන් පැවැති පළමු අදියරේ ශූරතාවය දිනා ගත්තේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...